ඊළඟ ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙනවා - ගෝඨාභය රාජපක්ෂ

ඊළඟ ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙනවා - ගෝඨාභය රාජපක්ෂ

by Staff writer 18-05-2019 | 5:11 PM
(News 1st) - තමන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට සැලසුම් කර ඇති බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා යළිත් පවසා තිබේ. අල් ජසීරා පුවත් සේවය සමග සාකච්ඡාවකට එක්වෙමින් ඔහු වැඩිදුරටත් පවසා ඇත්තේ, අප්‍රේල් 21 වන දා සිදු වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු තමන් ඉදිරිපත් වීමට අදිටන් කර ගත් බව ය. තමන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට කලක සිට සැලසුම් කළ එකක් බවත්, අමෙරිකානු පුරවැසිභාවය ඉවත් කර ගත්තේ ද ඒ අනුව බවත් ඔහු වැඩිදුරටත් පවසා තිබේ.