රටේ පවතින වතාවරණය හමුවේ අමෙරිකා එක්සත් ජනපදයේ මැදිහත් වීම

by Staff writer 18-05-2019 | 8:41 PM
COLOMBO (News 1st) - රටේ පවතින වතාවරණය හමුවේ අමෙරිකා එක්සත් ජනපදයේ මැදිහත් වීම පිළිබඳව විපක්ෂය අදහස් පළ කළේ ය. පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසන්නේ, මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුම මගින් අමෙරිකානු ඩොලර් මිලියන 480ක් මෙරටට ලැබෙන්නේ අදාළ ගිවිසුමේ ඇති දේවල් සිදු කළහොත් පමණක් බව ය. රටේ ඉඩම් විදේශිකයින්ට මිලදී ගැනීමට හැකි වන අයුරින් ඉඩම් නීති වෙනස් කිරීම සහ ත්‍රිකුණාමල වරායේ සිට කොළඹ වරාය දක්වා විශේෂ ආර්ථික කොරිඩෝවක් ඉදිකිරීමට එකඟ වුවහොත් පමණක් අදාළ මුදල් මෙරටට ලැබෙන බව වීරවංශ මහතා පෙන්වා දෙයි. IS ත්‍රස්තවාදීන් හරහා පසුගිය අප්‍රේල් 21 වන දා ප්‍රහාරය අමෙරිකාව නිර්මාණය කළේ ද රට මෙවැනි උගුලකට හසු කර ගැනීමට බව වීරවංශ මහතා චෝදනා කරයි.