NTJ සාමාජිකයින් දෙදෙනෙකු STF අත්අඩංගුවට

NTJ සාමාජිකයින් දෙදෙනෙකු හොරොව්පතානේදී STF අත්අඩංගුවට

by Staff writer 17-05-2019 | 12:48 PM
COLOMBO (News 1st) - තහනම් කර තිබෙන ජාතික තව්හිඩ් ජමාත් සංවිධානයේ සාමාජිකයින් දෙදෙනෙකු හොරොව්පතාන, පත්තෑව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ. ඒ, පොලිස් විශේෂ කාර්ය බලකාය කළ මෙහෙයුමකිනි. ඔවුන් පසුගියදා මරාගෙන මැරෙන බෝම්බ පුපුරුවා ගැනීමෙන් මිය ගිය සහරාන් හෂීම් නමැත්තා සමග සමීප සබඳතා පවත්වා ඇතැයි හෙළිවී ඇති බව ද පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහන් කළේ ය. එලෙස අත්අඩංගුවට පත් වූ නූර් මොහොමුදු අද්දරඋර් සහ අබ්දුල් ජමාර් නිජාම් නමැති සැකකරුවන් හොරොව්පතාන ප්‍රදේශයේ පදිංචිකරුවන් ය. ඔවුන් අද කැබිතිගොල්ලෑව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත ය.