19 සහ 20 වන දා රැඳවියන් හමුවීමට ඥාතීන්ට අවස්ථාවක්

වෙසක් පොහොය වෙනුවෙන් බන්ධනාගාර රැඳවියන් හමුවීමට ඥාතීන්ට අවස්ථාවක්

by Staff writer 17-05-2019 | 3:30 PM

COLOMBO (News 1st) - වෙසක් පොහොය වෙනුවෙන් ලබන 19 සහ 20 යන දින දෙක තුළ බන්ධනාගාර රැඳවියන් හමුවීමට ඥාතීන්ට අවස්ථාව හිමි වන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.

එහි මාධ්‍ය ප්‍රකාශක තුෂාර උපුල්දෙණිය මහතා සඳහන් කළේ, මෙවර වෙසක් පොහෝ දිනයේදී බන්ධනාගාරගත රැඳවියන් හමුවීමට ඥාතීන්ට අවස්ථාව හිමි නොවන බවයි. ඒ, බන්ධනාගාර දෙපාර්තමේන්තුව මගින් ක්‍රියාත්මක විශේෂ වැඩසටහනක් හේතුවෙනි.