විපක්ෂ නායක සහ ජර්මානු තානාපති අතර හමුවක්

විපක්ෂ නායක සහ ජර්මානු තානාපති අතර හමුවක්

by Staff writer 17-05-2019 | 4:28 PM

COLOMBO (News 1st) - විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ සහ ජර්මානු තානාපති යෝන් රෝඩ් යන මහත්වරුන් අතර හමුවක් විජේරාම නිල නිවසේදී සිදුවිය.

නිවේදනයක් නිකුත් කරමින් විපක්ෂ නායක කාර්යාලය සඳහන් කළේ, එහිදී මෙරට වත්මන් තත්ත්වය පිළිබඳව සාකච්ඡා කර ඇති බවයි. රට කඩිනමින් යථා තත්ත්වයට පත් කිරීමට නම් සියලු දෙනා එක් ව කටයුතු කළ යුතු බව ජර්මන් තානාපතිවරයා අවධාරණය කළේ ය. රටේ ආරක්ෂාව තහවුරු කිරීමට විපක්ෂයක් වශයෙන් ලබාදිය හැකි සෑම සහයෝගයක්ම ලබාදීමට සූදානම් බව රජයට ප්‍රකාශ කර ඇතැයි විපක්ෂ නායකවරයා එම හමුවේදී පැවසුවේ ය.