බේරුවල මෙහෙයුමකදී 3 දෙනෙකු අත්අඩංගුවට

බේරුවල ප්‍රදේශයේ කළ මෙහෙයුමකදී 3 දෙනෙකු අත්අඩංගුවට

by Staff writer 17-05-2019 | 10:54 AM
COLOMBO (News 1st) - බේරුවල ප්‍රදේශයේ කළ මෙහෙයුමකින් සැකපිට පුද්ගලයින් 3 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහන් කළේ, අලුත්ගම කඳවුරේ නිලධාරීන් විසින් මෙම පුද්ගලයින් අත්අඩංගුවට ගත් බව ය. ඔවුන් වැඩිදුර විමර්ශන සඳහා බේරුවල පොලීසියට භාර දී තිබේ. මේ අතර බේරුවල ප්‍රදේශයේ කළ තවත් මෙහෙයුමකින් මාර්ගයක් අසළ දමා ගොස් තිබුණු ෂොට් ගන් වර්ගයේ උණ්ඩ 05ක් සොයා ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහන් කළේ ය. පොලිස් විශේෂ කාර්ය බලකායේ වව්නතිව් කඳවුරේ නිලධාරීන් පිරිසක් කාත්තන්කුඩි ප්‍රදේශයේ කළ සෝදිසි මෙහෙයුමකින් ජී.පී.එස්. යන්ත්‍ර 06ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු වැඩිදුර විමර්ශන සඳහා කාත්තන්කුඩි පොලීසියට භාර දී තිබේ. පොතුවිල් පොලිස් බල ප්‍රදේශයේ අතහැර දමා ගිය බෑගයක් තුළ තිබූ දුරදක්නයක් ද විශේෂ කාර්ය බලකාය සොයා ගත් භාණ්ඩ අතර වේ.