COLOMBO (News 1st) - ජිහාද් ත්‍රස්වාදය මැඩලීම උදෙසා ඉන්දියාවේ සම්පූර්ණ සහය ශ්‍රී ලංකාවට ලබා දෙන බව ඉන්දීය මහ කොමසාරිස් තරන්ජිත් සිං සන්ධු මහතා අද මහනුවරදී පැවසුවේ ය.
ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස්, තරන්ජිත් සිං සන්ධු
21 වන දා එල්ල වූ කුරිරු ජිහාද් ත්‍රස්ත ප්‍රහාරයෙන් අහිංසක ජීවිත රැසක් අහිමි වුණා. ඒ අතර ඉන්දියානුවන් 11 දෙනෙකුත් සිටිනවා. මේ අවස්ථාවේදී ශ්‍රී ලාංකික සහෝදර ජනතාව සමග අපි එක් ව සිටිනවා. ශ්‍රී ලංකාවට තර්ජනයක් කියන්නේ ඒක ඉන්දියාවටත් තර්ජනයක්. ඒ නිසා අපි එකාමෙන් මේ ජිහාද් ත්‍රස්තවාදී මූලධර්ම සහ එම ත්‍රස්තවාදීන්ට එරෙහි සටන දිගටම ක්‍රියාත්මක කරනවා.
අද උදෑසන මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ ආගමික වතාවත්වල නිරත වූ තරන්ජිත් සිං සන්ධු මහතා පසුව සියම් මහා නිකායේ මල්වතු පාර්ශ්වයේ මහා නාහිමියන් බැහැ දුටුවේ ය.
මහ කොමසාරිස්වරයා අස්ගිරි විහාරයට ගොස් අස්ගිරි පාර්ශ්වයේ මහ නාහිමියන් බැහැදුටුවේ ඉන් අනතුරුවයි.