by Staff writer 17-05-2019 | 12:31 PM
(News 1st) - ත්‍රස්තවාදයට එරෙහිව ශ්‍රී ලංකාව ගෙන යන සටනට පූර්ණ සහය ලබා දෙන බව අමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ මහතා පවසයි.
ඔහු මේ බව සඳහන් කළේ, විදේශ අමාත්‍ය තිලක් මාරපන මහතා නිව්යෝර්ක් නුවරදී හමු වූ අවස්ථාවේදී ය.
මෙම හමුවේදී අමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ මහතා මෙරටට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය යළිත් වරක් හෙළා දුටු බව කොළඹ පිහිටි අමෙරිකානු තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ ය.
එහිදී අදහස් පළ කළ විදේශ කටයුතු අමාත්‍ය තිලක් මාරපන මහතා සඳහන් කළේ, බෝම්බ ප්‍රහාරවලින් පසුව අමෙරිකාව දැක්වූ සහය පිළිබඳව ස්තුතිය පළ කරන බව ය.
එවැනි ප්‍රහාර වළක්වා ගැනීම සඳහා ඉදිරියටත් සහයෝගයෙන් කටයුතු කිරීමට තම රට බලාපොරොත්තු වන බව ද විදේශ අමාත්‍යවරයා මෙම හමුවේදී ප්‍රකාශ කර ඇති බව සඳහන් ය.
වගවීම, යුක්තිය හා ප්‍රතිසන්ධානය පිළිබඳව ශ්‍රී ලංකාවේ ඇති කැපවීම පිළිබඳව ද මයික් පොම්පියෝ මහතාගේ පැසසුමට ලක්ව තිබේ.