ගම්මැද්ද 'ආපදාවට පෙර සූදානම' මහජන සේවා ක්‍රියාන්විතයේ තවත් පියවරක් මාතරදී

by Staff writer 17-05-2019 | 2:27 PM
COLOMBO (News 1st) - ගම්මැද්ද 'ආපදාවට පෙර සූදානම' මහජන සේවා ක්‍රියාන්විතයේ තවත් පියවරක් අද මාතරදී පැවැත්විණි. ඉදිරියේදී පැමිණිය හැකි ගංවතුර අවස්ථාවකදී ජීවිත හා දේපළ ආරක්ෂා කර ගැනීම සඳහා ජනතාව දැනුවත් කිරීම මෙම වැඩසටහනේ මූලික අරමුණයි. මේ යටතේ මාතර දිස්ත්‍රික්කයේ අකුරැස්ස ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ජනතාව දැනුවත් කිරීම අද උදෑසන 9.00ට ආරම්භ විය. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය, A-PAD හෙවත් ආපදා කළමනාකරණය පිළිබඳ ආසියා ශාන්තිකර සහයෝගීතා සංවිධානය නිව්ස්ෆස්ට් ගම්මැද්ද සමග එක්ව මෙම වැඩසටහන දියත් කර තිබේ. ශ්‍රී ලංකා ජීවිතාරක්ෂක සංගමය, ශ්‍රී ලංකා පොලීසිය හා යුද හමුදාව ද මෙම සත්කාර්යට සහය දීම සඳහා එක්විය.