NTJ සාමාජිකයින් දෙදෙනාගෙන් ප්‍රශ්න කිරීමට අවසර

අත්අඩංගුවට ගත් NTJ සාමාජිකයින් දෙදෙනාගෙන් රඳවා තබා ප්‍රශ්න කිරීමට පොලීසියට අවසර

by Staff writer 17-05-2019 | 6:42 PM

COLOMBO (News 1st) - හොරොව්පතාන, පත්තෑව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් ජාතික තව්හිද් ජමාත් සංවිධානයේ සාමාජිකයින් දෙදෙනාගෙන් පැය 72 ක් රඳවා තබා ප්‍රශ්න කිරීමට පොලීසියට, අධිකරණයෙන් අවසර ලබාදී තිබේ.

ඒ, සැකකරුවන් අද පස්වරුවේ කැබිතිගොල්ලෑව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි. හොරොව්පතාන පොලීසිය සැකකරුවන් අත්අඩංගුවට ගෙන අද අධිකරණයට කරුණු වාර්තා කළේ ය. අධිකරණයේදී ප්‍රකාශ වූයේ, සැකකරුවන් දෙදෙනා ප්‍රදේශයේ පාසල් දෙකක විදුහල්පතිවරයෙකු හා වැඩ බලන විදුහල්පතිවරයෙකු වශයෙන් කටයුතු කරන බවයි.