English
தமிழ்
කර්තෘ Staff writer
17 May, 2019 | 7:47 am
(News 1st) – බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත් වීමට අදාළ ක්‍රමවේදය සහිත යෝජනාවලිය ලබන මස මුල් සතියේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් පසුව ඉදිරි මැතිවරණ දිනය ප්‍රකාශයට පත් කරන බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය තෙරේසා මේ පොරොන්දු වී තිබේ.
දේශපාලන ආරංචි මාර්ග උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කළේ, මෙම යෝජනාවලිය පාර්ලිමේන්තුවේදී නැවත වරක් පරාජය වුවහොත් අග්‍රාමාත්‍ය ධූරයෙන් ඉවත් වීමට ද තෙරේසා මේ තීරණය කර ඇති බව ය.
ඉහළ පෙළේ කොන්සවේටිව් මන්ත්‍රීවරුන් පිරිසක් හමුවේ බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරිය මේ බව සඳහන් කර තිබේ.
බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයෙන් ඉවත් වීමට අදාළ යෝජනාවලිය හෙවත් බ්‍රෙක්සිට් ගිවිසුම මේ වන විට 3 වරක් එරට පාර්ලිමේන්තුවේදී ප්‍රතික්ෂේප වී ඇති පසුබිමක මෙම ප්‍රකාශය කිරීම විශේෂත්වයකි.
මේ අතර ජ්‍යෙෂ්ඨ කොන්සවේටිව් ක්‍රියාකාරිකයෙකු සහ ලන්ඩන්හි හිටපු නගරාධිපතිවරයෙකු ද වන බොරිස් ජොන්සන් පවසන්නේ, තෙරේසා මේ හට ධූරයෙන් ඉවත් වීමට සිදු වුවහොත් තමා ඉදිරි මැතිවරණයට තරග වදින බව ය.
16 Jul, 2019 | 07:13 AM
20 Mar, 2019 | 09:36 AM
අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]
නිව්ස්ෆස්ට්, එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්, එම්.බී.සී නෙට්වර්ක් ප්‍රයිවට් ලිමිටඩ් 45/3, බ්‍රේබෲක් පෙදෙස කොළඹ 2.
දු.ක : +94 114 792 700, ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2018 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ් | වෙබ් අඩවි නිර්මාණය 3CS
දු.ක : +94 114 792 700
ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2018 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්
කොන්දේසි |
පුවත් සංරක්ෂිතය|
වෙබ් අඩවි නිර්මාණය 3CS