home
Home
උණුසුම් පුවත්
විශේෂාංග
දේශීය පුවත්
ක්‍රීඩා පුවත්
ව්‍යාපාරික පුවත්
විදේශීය පුවත්
Sinhala
search
Sinhala
menu
ජනතාව බිය වැද්දවීම් හෝ කැළඹීම් කරන්නන්ට වැඩ වරදී
by Staff writer
17-05-2019 | 9:34 AM
COLOMBO (News 1st) - රට තුළ පවතින වාතාවරණය හමුවේ පොදු ජනතාවගේ අවධානයට යොමු විය යුතු නීති රෙගුලාසි හා වගන්ති කිහිපයක් පිළිබඳ අවධානය යොමු කරමින් රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල්වරයාගේ අත්සනින් යුතුව නිවේදනයක් නිකුත් කර තිබේ.
එහි දැක්වෙන්නේ, 2019 අංක 01 දරණ හදිසි විධි විධාන හා බලතල රෙගුලාසි අංක 32 යටතේ මහජනතාව බිය වැද්දවිය හැකි හෝ කැළඹිය හැකි කිසිම කටකතාවක් හෝ අසත්‍ය ප්‍රකාශයක් කට වචනයෙන් හෝ වෙනත් ඕනෑම ක්‍රමයකින් සන්නිවේදනය කිරීම හෝ පැතිරවීම නොකළ යුතු බව ය. මෙම රෙගුලාසි උල්ලංඝනය කරන අයෙකු වරදකරු වී නම් මාස 03ත් අවුරුදු 05ත් අතර බරපතළ වැඩ සහිත සිර දඬුවමකට යටත් කළ හැකි ය. තවද 2017 අංක 56 දරණ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය පනත 3(1) වගන්තිය යටතේ කිසිම තැනැත්තෙකු විසින් යුද්ධය පැතිර වීමට, වෙනස් ලෙස සැලකීමට, එදිරිවාදීකම් හෝ ප්රචණ්ඩ ක්‍රියාවලට යොමු කිරීම, ජාතික වාර්ගික හෝ ආගමික වෛරය සඳහා පෙළඹවීම නොකළ යුතු ය. මේ වගන්ති කඩ කරන අයට බරපතළ වැඩ සහිතව වසර 10කට නොවැඩි සිර දඬුවම් නියම කළ හැකි ය. එමෙන් ම 1979 අංක 48 දරණ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත 2(1) ඌ වගන්තිය අනුව කවර ආකාරයකින් හෝ සාහසික ක්‍රියා, වර්ගීය හෝ ආගමික කණ්ඩායම් අතර, වර්ගීය නැතහොත් ජාතිවාදී හෝ එදිරිවාදී හැඟීම් ඇති වීමට සලස්වන්නා වූ හෝ අදහස් කරන්නා වූ අයට ද අවුරුදු 05ත් අවුරුදු 20ත් අතර බන්ධනාගාරගත කිරීමකට යටත් කළ හැකි ය.
වෙනත් ලිපි
පොලීසිය මහජන සහය පතයි
රටට සෙත්පතා ආගමික වැඩසටහනක් නිදහස් චතුරශ්‍රයේදී
මත්ද්‍රව්‍ය තොගයක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට..
BBCයෙන් අසාම්ට මිලියන 7ක්
2026 නව වසරට අගමැතිනියගෙන් සුබ පැතුම්!
2026 නව වසරට ජනපතිගෙන් සුබ පැතුම්!
විශේෂාංග
Gmail පරිශීලකයින්ටGmail ලිපිනය වෙනස්කිරීමට අවස්ථාව
මන්දනාගේ විවාහ උත්සවය කල්යයි..
වාර්තාවක් තියපු කෝපි කෝප්පයක්...
ඔබ තාමත් පාවිච්චි කරන්නේ Windows 10ද?
බිලියනපති රොනාල්ඩෝ...
Gmail පරිශීලකයින්ටGmail ලිපිනය වෙනස්කිරීමට අවස්ථාව
මන්දනාගේ විවාහ උත්සවය කල්යයි..
වාර්තාවක් තියපු කෝපි කෝප්පයක්...
ඔබ තාමත් පාවිච්චි කරන්නේ Windows 10ද?
බිලියනපති රොනාල්ඩෝ...
search
search
home
Home
උණුසුම්
විශේෂාංග
දේශීය
ක්‍රීඩා
ව්‍යාපාරික
විදේශීය