සීගිරිය නොමිලේ නැරඹීමට අවස්ථාවක්

සීගිරිය දින 3 ක් නොමිලේ නැරඹීමට අවස්ථාවක්

by Staff writer 16-05-2019 | 11:35 AM

COLOMBO (News 1st) - සීගිරිය පුරාවිද්‍යා පරිශ්‍රය සහ කෞතුකාගාරය ලබන 18 වැනි දා සිට 20 වැනි දා දක්වා නොමිලේ නැරඹීමට දේශීය සංචාරකයින්ට අවස්ථාවක් ලබාදී තිබේ.

නිවාස, ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශය සඳහන් කළේ, වෙසක් උත්සවය නිමිත්තෙන් එම අවස්ථාව ලබාදෙන බවයි. සීගිරියේ කැණීම්වලදී හමු වූ පුරාවස්තු සහ අධ්‍යාපන ප්‍රදර්ශනයක් ද ඊට සමගාමීව පැවැත්වනු ඇති.