වෙසක් පොහොය නිමිත්තෙන් සිරකරුවන් 762කට ජනපති සමාව

වෙසක් පොහොය නිමිත්තෙන් සිරකරුවන් 762 දෙනෙකුට ජනාධිපති සමාව

by Staff writer 16-05-2019 | 5:16 PM
COLOMBO (News 1st) - මෙවර වෙසක් පොහොය නිමිත්තෙන් සිරකරුවන් 762 දෙනෙකු ජනාධිපති පොදු සමාව යටතේ නිදහස් කිරීමට අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යංශය තීරණය කර තිබේ. නිදහස් කෙරෙන පිරිසට සිරකාරියන් 26 දෙනෙකු ද ඇතුළත් ය. ඔවුන් නිදහස් කිරීමේ රාජ්‍ය උත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් වැලිකඩ බන්ධනාගාර ක්‍රීඩාංගණයේදී වෙසක් පොහෝ දින පෙරවරු 10.00ට පැවැත්වීමට නියමිත ය.