පවුල් ආරවුලක් නිසා කාන්තාවන් දෙදෙනෙකු ඝාතනය කෙරේ

පවුල් ආරවුලක් නිසා රත්නපුරදී කාන්තාවන් දෙදෙනෙකු ඝාතනය කෙරේ

by Staff writer 16-05-2019 | 6:51 PM
COLOMBO (News 1st) - රත්නපුර, එගොඩමල්වල ප්‍රදේශයේදී කාන්තාවන් දෙදෙනෙකු ඝාතනය කර තිබේ. පොලීසිය පැවසුවේ, මවක සහ දියණියක එලෙස ඝාතනය කර ඇති බව ය. පවුල් ආරවුලක් මත සැමියා විසින් මෙම ඝාතන සිදු කර ඇති බව පොලීසිය පැවසුවේ ය. ඝාතනයට ලක්ව ඇත්තේ, 76 හැවිරිදි මවක සහ 43 හැවිරිදි දියණියකි. අද අලුයම සිදුව ඇති මෙම ඝාතනවලට සම්බන්ධ සැකකරු අත්අඩංගුවට ගැනීමට විමර්ශන ආරම්භ කර තිබේ.