ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

by Staff writer 16-05-2019 | 6:28 AM

දේශීය පුවත්

1. “ත්‍රස්තවාදය අතුගා දැරීමට සියලු රාජ්‍යයන් අත්වැල් බැඳගත යුතුයි”- ජනපති: ජාත්‍යන්තර ත්‍රස්තවාදය සම්පූර්ණයෙන් අතුගා දැමීමට සියලු රාජ්‍යයන් අත්වැල් බැඳ ගතයුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. 2. සහරාන්ලා සමග සබඳතා පැවැත්වූ මෘදුකාංග ඉංජිනේරුවෙකු ගැන තතු හෙළිවෙයි: අප්‍රේල් 21 ප්‍රහාරවලට තාක්ෂණික සහ ප්‍රවර්ධන සහය ලබාදුන් බව කියන මෘදුකාංග ඉංජිනේරුවෙකු පිළිබඳව ඉන්දියාව මීට වසර තුනකට පෙර සිට අවධානයෙන් සිට ඇතැයි, රොයිටර් පුවත් සේවය අනාවරණ කර තිබේ. 3. ප්‍රචණ්ඩ ක්‍රියාවලට සම්බන්ධ 78 ක් අත්අඩංගුවට: වයඹ පළාතේ හා ගම්පහ දිස්ත්‍රික්කයේ සිදු වූ ප්‍රචණ්ඩ ක්‍රියාවලට සම්බන්ධ 78 ක් අත්අඩංගුවට ගෙන නීත්‍යානූකූලව කටයුතු කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, රුවන් ගුණසේකර මහතා ප්‍රකාශ කළේය. 4. පුපුරුවා හැරි වෑන් රථය සම්බන්ධයෙන් අවශ්‍යව සිටි පුද්ගලයා අත්අඩංගුවට: කොච්චිකඩේ දේවස්ථානය අසළ තිබූ වෑන් රථය සම්බන්ධයෙන් අවශ්‍යව සිටි පුද්ගලයා අත්අඩංගුවට පත් වූ බව මාධ්‍යයට අදහස් දක්වමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශයකවරයා ප්‍රකාශ කළේය.

විදෙස් පුවත්

5. අමෙරිකානු භාණ්ඩ සඳහා බදු පැනවීමේ ඉන්දීය තීරණය මසකින් දිගු වෙයි: අමෙරිකානු භාණ්ඩ සඳහා බදු පැනවීම මාසයකින් දීර්ඝ කිරීමට ඉන්දීය රජය පියවර ගෙන තිබේ.