පාසැල් විභාග පැවැත්වීමේ කිසිදු වෙනසක් නැහැ

උ/පෙළ, සා/පෙළ හා ශිෂ්‍යත්ව විභාග පැවැත්වීමේ දිනවල කිසිදු වෙනසක් නැහැ - අකිල විරාජ්

by Staff writer 16-05-2019 | 7:26 AM

COLOMBO (News 1st) - උසස් පෙළ, සාමාන්‍ය පෙළ සහ පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාග සැලසුම් කළ පරිදි පැවැත්වෙන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා සඳහන් කළේ, පවතින වාතාවරණය තුළ අදාළ විභාග කල් දැමීම සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු තීරණයක් ගෙන නොමැති බවයි. පාසල්වල අධ්‍යයන කටයුතු සාමාන්‍ය පරිදි ආරම්භ වී ඇති බැවින් සිසුන් ඒ සඳහා යොමු කරවීම දෙමව්පියන්ගේ වගකීමක් බව ද අධ්‍යාපන අමාත්‍යවරයා සඳහන් කළේ ය. මේ අතර පාසල්වල දෙවන වාර විභාග ද නියමිත පරිදි පැවැත්වීමට තීරණය කර ඇතැයි අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කළේ ය.