උත්සව පවත්වා වන්දි පිරිනැමීම ගැන කටුවාපිටියේදී ජනතා අප්‍රසාදය

by Staff writer 16-05-2019 | 9:41 PM
COLOMBO (News 1st) - කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානයට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් විපතට පත් වූවන්ට වන්දි පිරිනැමීමට අද මීගමුවේදී උත්සවයක් සංවිධාන කර තිබිණි. ජෝන් අමරතුංග අමාත්‍යවරයා අතින් වන්දි ලබා දීම සඳහා ත්‍රස්ත ප්‍රහාරයෙන් විපතට පත් 100කට අධික පිරිසක් අද කැඳවා තිබිණි. පෙරවරු 10.30ට වන්දි උත්සවය ආරම්භ කිරීමට නියමිතව තිබුණත් ආරාධිතයින් පැමිණියේ පැය භාගයක පමණ ප්‍රමාදයකිනි. උත්සව පවත්වා වන්දි ලබා දීම සම්බන්ධයෙන් පැමිණ සිටි ජනතාව මෙහිදී අප්‍රසාදය පළ කළේ ය.