by Staff writer 16-05-2019 | 6:56 AM
COLOMBO (News 1st) - චීනයේ සංචාරයක නිරත වූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු පිරිස අද අලුයම දිවයිනට පැමිණියහ.
ජනාධිපතිතුමා චීනය බලා පිටත්ව ගියේ, ආසියානු ශිෂ්ටාචාර පිළිබඳ ජාත්‍යන්තර සමුළුවට සහභාගීවීම සඳහායි.
චීන ජනාධිපති ෂී ජින්පින් මහතාගේ ප්‍රධානත්වයෙන් ප්‍රථම වරට සංවිධානය කළ එම සමුළුවට රටවල් 47 ක රාජ්‍ය නායකයින් එක් ව සිටියහ.
සමුළුව අතරතුර ජනාධිපතිතුමා චීන ජනාධිපති ෂී ජින්පින්ග් සහ චීන අග්‍රාමාත්‍ය ලී ක්වැන්ග් යන මහත්වරුන් ද හමුවිය.
ශ්‍රී ලංකාවේ ඇති වූ හදිසි තත්ත්වය හමුවේ ආරක්ෂක අංශවල කටයුතු සඳහා චීනය එහිදී රුපියල් කෝටි 260 ක මූල්‍ය පරිත්‍යාගයක් ද ලබා දුන්නේ ය.