2019 ඡන්ද හිමි නාම ලේඛනය සඳහා සංගණන පත්‍රිකා බෙදා හැරීම ඇරඹෙයි

2019 ඡන්ද හිමි නාම ලේඛනය සඳහා සංගණන පත්‍රිකා බෙදා හැරීම ඇරඹෙයි

2019 ඡන්ද හිමි නාම ලේඛනය සඳහා සංගණන පත්‍රිකා බෙදා හැරීම ඇරඹෙයි

කර්තෘ Staff writer

15 May, 2019 | 2:00 pm

COLOMBO (News 1st) – 2019 ඡන්ද හිමි නාම ලේඛනය සඳහා සංගණන පත්‍රිකා බෙදා හැරීම අද ආරම්භ වේ.

ජාතික මැතිවරණ කොමිසමේ වැඩබලන අධ්‍යක්ෂ ජනරාල් රසික පීරිස් මහතා සඳහන් කළේ, ගෙයින් ගෙට බෙදා හැරෙන සංගණන පත්‍රිකා එකතු කිරීම ලබන මස 02 වන දා සිට ආරම්භ කරන බව ය.

ඒ සම්බන්ධයෙන් ග්‍රාම නිලධාරීවරුන් වෙත උපදෙස් දී ඇති බව ද ඔහු සඳහන් කළේ ය.

මේ අතර මෙවර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 34ක් සඳහා ගෘහ මූලික ලැයිස්තුවේ ඇති නම්, හැඳුනුම්පත් අංක හා ලිපිනය මුද්‍රණය කරන ලද සංගණන පත්‍රිකා ලබා දීමට ද පියවර ගන්නා බව වැඩබලන අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසුවේ ය.

ඔහු සඳහන් කළේ, ඡන්ද දායකයින්ට වඩාත් පහසු වනු පිණිස මේ ක්‍රියාමාර්ග ගන්නා බව ය.

එහි සාර්ථකත්වය මත ඉදිරියේදී සෑම ඡන්ද හිමි නාම ලේඛන සංගණන පත්‍රිකාවක්ම එලෙස මුද්‍රණය කර ජනතාවට ලබා දීමට පියවර ගන්නා බව රසික පීරිස් මහතා ප්‍රකාශ කළේ ය.

මේ අතර ආබාධ සහිත ඡන්ද දායකයින් සම්බන්ධයෙන් මෙවර විශේෂ අවධානයක් යොමු කර ඇති බව ජාතික මැතිවරණ කොමිෂන් සභාව ප්‍රකාශ කළේ ය.

ඒ අනුව ඡන්ද හිමි නාම ලේඛනයේ නම් සඳහන් වන එවැනි ආබාධිත පුද්ගලයින් සඳහා ඉදිරියේදී පැවැත්වෙන මැතිවරණවලදී ඡන්ද මධ්‍යස්ථාන වෙත ප්‍රවේශ වීමට විශේෂ පහසුකම් සලසන බව මැතිවරණ කොමිසම ප්‍ර‍කාශ කළේ ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]