"රටේ පවතින්නේ ආගමික අන්තවාදයක් නොවෙයි"

රටේ පවතින්නේ ආගමික අන්තවාදයක් නොවෙයි, දේශපාලන අන්තවාදයක් - මාවරලේ භද්දිය හිමි

by Staff writer 15-05-2019 | 8:48 AM
COLOMBO (News 1st) - 'ජාතික මග' - රට රකින රට හදන ජාතික ව්‍යාපාරයේ මංගල මහා සමුළුව ඊයේ කොළඹදී පැවැත්විණි. කොළඹ බණ්ඩාරණායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී මෙම සමුළුව පැවැත්වුණේ, මහා සංඝරත්නය ඇතුළු ආගමික නායකයින්ගේ ප්‍රධානත්වයෙනි. මේ සඳහා කථානායක කරු ජයසූරිය, පාඨලී චම්පික රණවක, මනෝ ගනේෂන්, ෆයිසර් මුස්තෆා යන මහත්වරු ඇතුළු පක්ෂ විපක්ෂ මැති ඇමතිවරු රැසක් එක්ව සිටියහ.