පොලීසියට අවශ්‍යව සිටි පුද්ගලයා අත්අඩංගුවට

පුපුරුවා හැරි වෑන් රථය සම්බන්ධයෙන් අවශ්‍යව සිටි පුද්ගලයා අත්අඩංගුවට

by Staff writer 15-05-2019 | 6:56 PM
COLOMBO (News 1st) : කොච්චිකඩේ දේවස්ථානය අසල තිබූ වෑන් රථය සම්බන්ධයෙන් අවශ්‍යව සිටි පුද්ගලයා අත්අඩංගුවට පත් වූ බව අද මාධ්‍යයට අදහස් දක්වමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශයකවරයා ප්‍රකාශ කළේය. කොච්චිකඩේ දේවස්ථානයට බෝම්බ ප්‍රහාරය එල්ල කළ පුද්ගලයා පැමිණි රථය ලෙස සැලකෙන වෑන් රථයක් පසුගිය දා විශේෂ කාර්ය බලකාය විසින් සුරක්ෂිතව පුපුරුවා හැරීය. එම වෑන් රථයේ, මිලදී ගැනීමේ කටයුතු සඳහා, එම වෑන් රථයේ ආසන සකස් කිරීම සඳහා එක් මරාගෙන මැරෙන බෝම්බකරුවෙකු සමග සම්බන්ධතා පැවැත්වූවා යැයි පවසන පුද්ගලයෙකුගේ රුව සඳහන් රූප සටහන් 4ක් පසුගිය දා පොලීසිය මාධ්‍ය හරහා ප්‍රසිද්ධියට පත් කළේය. ඒ අනුව, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලැබුණු තොරතුරක් මත එම පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට හැකිව තිබේ. එම සැකකරු නව කාත්තන්කුඩි ප්‍රදේශයේ වාසය කරන මොහොමඩ් ආදම් ලෙබ්බේ නමැති පුද්ගලයෙකු වන අතර, ඔහු ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව රඳවාගෙන පරීක්ෂණ කියාත්මක වන බව මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය. රුවන් ගුණසේකර මහතා තවදුරටත් තහවුරු කළේ, ඒ අනුව ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධ බහුතරයක් පිරිස අත් අඩංගුවට පත්ව ඇති බවයි.