"ත්‍රස්තවාදය අතුගා දැමීමට අත්වැල් බැඳ ගතයුතුයි"

"ත්‍රස්තවාදය අතුගා දැමීමට සියලු රාජ්‍යයන් අත්වැල් බැඳගත යුතුයි"- ජනපති

by Staff writer 15-05-2019 | 9:33 PM
COLOMBO (News 1st) : ජාත්‍යන්තර ත්‍රස්තවාදය සම්පූර්ණයෙන් අතුගා දැමීමට සියලු රාජ්‍යයන් අත්වැල් බැඳ ගතයුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ, අද පෙරවරුවේ චීනයේ බීජිං නුවරදී ආරම්භ වූ ආසියානු ශිෂ්ටාචාර පිළිබඳ ජාත්‍යන්තර සමුළුව අමතමිනි. ආසියාතික ශිෂ්ටාචාරය පිළිබඳ කතා බහ කරන එම සමුළුව, ජාත්‍යන්තර ත්‍රස්තවාදයත්, ආගමික අන්තවාදී ත්‍රස්තවාදයත් පරාජය කිරීමට ශක්තිය කරගත යුතු බව ද ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ ය. මේ අතර ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සහ චීන අග්‍රාමාත්‍ය ලී ක්වැන්ග් යන මහත්වරුන් අතර හමුවක් අද පස්වරුවේ බීජිං නුවරදී පැවැත්විණ. එහිදී චීන අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේ, ශ්‍රී ලංකාවට ත්‍රස්ත අභියෝග ජය ගැනීමට අවශ්‍ය සියලු සහය ලබාදෙන බවයි. චීනයෙන් ලබාදිය හැකි සහයෝගය සියලු ආකාරයෙන් ලබාදීමට අවශ්‍ය මැදිහත්වීම් සිදුකරන බවයි. ශ්‍රි ලංකාවේ මතු වු හදිසි තත්ත්වය හමුවේ ආරක්ෂක අංශවල කටයුතු සඳහා රුපියල් කෝටි 260 ක මූල්‍ය පරිත්‍යාගයක් ලබාදීම වෙනුවෙන් ජනාධිපතිවරයා චීන රජයට සිය ස්තුතිය පළ කර තිබේ. https://www.youtube.com/watch?v=Kuetqusef5I