ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

by Staff writer 15-05-2019 | 6:54 AM
COLOMBO (News 1st)  දේශීය පුවත් 1. ප්‍රචණ්ඩ ක්‍රියාවලින් වැළකී සාමකාමීව එදිනෙදා කටයුතුවල නිරත වන්නැයි ත්‍රෛනිකායික මහ නාහිමිවරු ජනතාවගෙන් ඉල්ලීමක් කරති. 2. වැලිගම නගර සභාවේ සභාපති රෙහාන් ඩී. විජේරත්න ජයවික්‍රම මහතා එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාට ලිපියක් යොමු කර තිබේ. 3. කර්මාන්ත වාණිජ, දිගු කාලීනව අවතැන් වූවන් යළි පදිංචි කිරීම, සමූපකාර සංවර්ධන, වෘත්තීය පුහුණු සහ නිපුණතා සංවර්ධන අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාට එරෙහිව විශ්වාසභංග යෝජනාවකට විපක්ෂ මන්ත්‍රීවරු ඊයේ අත්සන් කළහ. 4. කුලියාපිටිය හා අවට ප්‍රදේශවල ඇති වූ කලහකාරී තත්ත්වය පිළිබඳව සොයා බැලීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ එම ප්‍රදේශවල සංචාරයක නිරත විය. 5. කොච්චිකඩේ දේවස්ථානයට ප්‍රහාරය එල්ල කළ බෝම්බකරු පිළිබඳ තොරතුරු රැසක් හෙළිවෙයි. 6. දූෂණ විරෝධී බලකායේ මෙහෙයුම් අධ්‍යක්ෂ නාමල් කුමාර සහ මහසොහොන් බලකායේ ප්‍රධානී අමිත් වීරසිංහ ඊයේ අත්අඩංගුවට ගනු ලැබිණි. 7. IMF හෙවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ශ‍්‍රී ලංකාවට ලබා දෙන 05 වන ණය වාරිකය නිදහස් කිරීමට එම අරමුදලේ විධායක මණ්ඩලය අනුමැතිය ලබා දී තිබේ. විදෙස් පුවත් 8. අමෙරිකාව චීනයට අපනයනය කරන ඩොලර් බිලියන 60ක වටිනාකමින් යුත් භාණ්ඩ සඳහා බදු පනවන බව චීනය නිවේදනය කරයි.