කුලියාපිටිය පොලිස් අධිකාරීවරයාට ස්ථාන මාරුවක්

කුලියාපිටිය කොට්ඨාසය භාර පොලිස් අධිකාරීවරයාට ස්ථාන මාරුවක්

by Staff writer 15-05-2019 | 1:42 PM
COLOMBO (News 1st) - කුලියාපිටිය කොට්ඨාසය භාර පොලිස් අධිකාරීවරයා වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරු කර තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ, පොලිස් කොමිසමේ අනුමැතියට යටත්ව ඔහුට ස්ථාන මාරුව ලබා දුන් බව ය. ඒ අනුව ඔහු කළුතර පොලිස් විද්‍යාලයේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා ලෙස පත් කර තිබේ. කුලියාපිටිය කොට්ඨාසය භාර නව පොලිස් අධිකාරීවරයා ලෙස පත් කර ඇත්තේ, නුගේගොඩ කොට්ඨාසයේ සිටි පොලිස් අධිකාරීවරයෙකි. මේ අතර මෙතෙක් පොලිස්පතිවරයාගේ සෘජු අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක වූ ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න මහතාගේ අධීක්ෂණය යටතට පත් කළ බව පොලිස් මූලස්ථානය පවසයි. පොලිස් මූලස්ථානය නිකුත් කළ නිවේදනයක දැක්වුණේ, සේවා අවශ්‍යතා මත වැඩබලන පොලිස්පතිවරයා විසින් මෙම තීරණය ගෙන ඇති බව ය.