සාමය ආරක්ෂා කිරීමට කැප වෙන්න - යුද හමුදාපති

කලහකාරී ලෙස හැසිරීම ත්‍රස්තවාදීන්ගේ අරමුණු ඉටු කිරීමක් - යුද හමුදාපති

by Staff writer 15-05-2019 | 7:29 AM
COLOMBO (News 1st) - ජාතිය හෝ ආගම පදනම් කර ගෙන කලහකාරී ලෙස හැසිරීමෙන් දේපළවලට සහ ජීවිතවලට හානි කිරීම ත්‍රස්තවාදීන්ගේ අරමුණු ඉටු කිරීමක් බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතා පවසයි. ඔහු සඳහන් කළේ, එවැනි ක්‍රියාවලින් වැළකී රටේ සාමය ආරක්ෂා කිරීමට කැපවන ලෙස ය. මෙලෙස කලහකාරී ලෙස හැසිරෙන පුද්ගලයින්ට එරෙහිව දැඩි දඬුවම් ලබා දීමට ද කටයුතු කරන බව යුද හමුදාපතිවරයා අවධාරණය කරයි.