'ආපදාවට පෙර සූදානම' කළුතරින් ඇරඹේ

'ආපදාවට පෙර සූදානම' ගම්මැද්ද ක්‍රියාන්විතය කළුතරින් ඇරඹෙයි

by Staff writer 15-05-2019 | 2:11 PM
COLOMBO (News 1st) - ගම්මැද්ද මහජන සේවා ක්‍රියාන්විතයේ තවත් පියවරක් වන 'ආපදාවට පෙර සූදානම' අද කළුතරින් ආරම්භ විය. ඉදිරියේදී පැමිණිය හැකි ගංවතුර අවස්ථාවකදී ජීවිත හා දේපළ ආරක්ෂා කර ගැනීම සඳහා ජනතාව දැනුවත් කිරීම මෙම වැඩසටහනේ මූලික අරමුණකි. කළුතර දිස්ත්‍රික්කයේ බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ජනතාව දැනුවත් කිරීම අද උදෑසන 9.00ට ආරම්භ විය. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය, ඒ පෑඩ් හෙවත් ආපදා කළමනාකරණය පිළිබඳ ආසියා ශාන්තිකර සහයෝගීතා සංවිධානය, ගම්මැද්ද සමග එක්ව මෙම වැඩසටහන දියත් කර තිබේ. ශ්‍රී ලංකා ජීවිතාරක්ෂක සංගමය, ශ්‍රී ලංකා පොලීසිය හා යුද හමුදාව ද මෙම සත්කාර්යට සහය දීම සඳහා එක්විය. සෑම වසරකම කළු ගඟ පිටාර ගැලීමෙන් ඒ ආශ්‍රිතව ජීවත් වන ජනතාව ජීවිත හා දේපළ හානිවලට මුහුණ දෙයි. ඊට පෙර සූදානම් සහිතව මුහුණ දී හානි අවම කර ගැනීමට ජනතාව මෙහිදී දැනුවක් කෙරිණි.