by Staff writer 15-05-2019 | 9:27 PM
COLOMBO (News 1st) : නිරිතදිග මෝසම ඉදිරියේදී සක්‍රීයවීමට නියමිතව තිබෙන අවස්ථාවක, ගංවතුර ආපදාවකදී ජීවිත හා දේපොළ ආරක්ෂා කරගැනීම සඳහා ජනතාව දැනුවත් කිරීමේ අරමුණින් ක්‍රියාත්මක ආපදාවට පෙර සූදානම ජාතික වැඩ සටහන අද ආරම්භ විය.
ගම්මැද්ද හා ආපදා කළමනාකරණය පිළිබඳ ආසියා ශාන්තිකර සහයෝගීතා සංවිධානය එක්ව මේ ජාතික වැඩසටහන සංවිධානය කරන්නේ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය, ශ්‍රී ලංකා පොලීසිය, යුද හමුදව ඇතුළු රාජ්‍ය ආයතන ගණනාවක සහභාගිත්වයෙනි.
බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයෙන් මෙවර වැඩ සටහන දියත් කෙරිණ.
බුලත්සිංහල පරගොඩ ශ්‍රී විශුද්ධාරාම විහාරස්ථානයේ සමාරම්භක වැඩසටහන පැවති අතර අනතුරු පාලින්ද නුවර, වල්ලාවිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ ආවරණය කරමින් දවසපුරා දැනුවත් කිරීම් සිදු විය.
හදිසි ආපදා තත්ත්වයකදී ජීවිත සුරක්ෂිත කර ගනිමින් ක්‍රියා කරන ආකාරය පිළිබඳව මෙහදී ජනතාව දැනුවත් කලේ ප්‍රායෝගික ක්‍රියාකාරම් ද සමගයි.
පසුගිය වසරේ මෙම වැඩසටහන ආරම්භ කෙරුණු අතර මෙම අදියරේ දැනුවත් කිරීමේ වැඩසටහන් ඉදිරි සති කිහිපයේදී ගංවතුර ආපදාවට ලක්විය හැකි දිවයිනේ ප්‍රදේශ රැසක ක්‍රියාත්මක කිරීමට නියමිතයි.
https://www.youtube.com/watch?v=xXWdX0Q6_8s