වයඹට හා ගම්පහ පොලිස් කොට්ඨාසයට යළිත් පොලිස් ඇඳිරි නීතිය

වයඹට හා ගම්පහ පොලිස් කොට්ඨාසයට යළිත් පොලිස් ඇඳිරි නීතිය

වයඹට හා ගම්පහ පොලිස් කොට්ඨාසයට යළිත් පොලිස් ඇඳිරි නීතිය

කර්තෘ Staff writer

15 May, 2019 | 4:32 pm

COLOMBO (News 1st) : වයඹ පළාතට සහ ගම්පහ පොලිස් කොට්ඨාසයට අද රාත්‍රී 7 සිට හෙට අලුයම 4 දක්වා පොලිස් ඇඳිරීනීතිය පනවා තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ ගම්පහ පොලිස් කොට්ඨාසයේ ගම්පහ, මිනුවන්ගොඩ, දොම්පේ, ගණේමුල්ල, කිරිදිවැල, මල්වතුහිරිපිටිය, මීරිගම, නිට්ටඹුව, පුගොඩ , වේයන්ගොඩ, වීරගුල, වැලිවේරිය, පල්ලේවෙල සහ යක්කල යන පොලිස් බල ප්‍රදේශවලට මෙම කාලය තුළ පොලිස් ඇඳිරි නීතිය ක්‍රියාත්මක බවයි.

මේ අතර ඊයේ සහ පෙරේදා දිනවල සිදුවූ ප්‍රචණ්ඩ සිදුවීම් සම්බන්ධයෙන් කුරුණෑගල, කුලියාපිටිය, නිකවැරටිය සහ හලාවත ප්‍රදේශවලින් අත්අඩංගුවට ගත් සැකකරුවන් 78 දෙනෙකු රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]