ප්‍රචණ්ඩ ක්‍රියාවලට සම්බන්ධ 78 ක් අත් අඩංගුවට 

ප්‍රචණ්ඩ ක්‍රියාවලට සම්බන්ධ 78 ක් අත්අඩංගුවට 

by Staff writer 15-05-2019 | 7:00 PM
COLOMBO (News 1st) : වයඹ පළාතේ හා ගම්පහ දිස්ත්‍රික්කයේ සිදුවූ ප්‍රචණ්ඩ ක්‍රියාවලට සම්බන්ධ 78 ක් අත් අඩංගුවට ගෙන නීත්‍යානූකූලව කටයුතු කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, රුවන් ගුණසේකර මහතා ප්‍රකාශ කළේය. රටේ ආරක්ෂක තත්ත්වය පිළිබඳව දැනුවත් කිරීම් මාධ්‍ය හමුවට එක්වෙමින් ඔහු වැඩිදුරටත් සඳහන් කළේ, සෙසු පිරිස ද සොයා විමර්ශන කටයුතු ක්‍රියාත්මක කරන බවයි. වීඩියෝ දර්ශන හා අනෙකුත් සාක්ෂි උපයෝගී කරගනිමින් අදාළ විමර්ශන කටුයුතු සිදු කරන බවත්, ඉදිරියේ දී ඔවුන් ද අත්අඩංගුවට ගෙන නඩු පැවරීමේ කටුයුතු සිදුකරන බවත් ඔහු එහිදී වැඩි දුරටත් සඳහන් කළේය. මෙම ප්‍රචණ්ඩ ක්‍රියා හේතුවෙන් එදිනෙදා රාජකාරී හා ජාතික ආරක්ෂාව වෙනුවෙන් යෙදවීමට සිටි පොලිස් නිලධාරීන් රැසක් වයඹ පළාතට පමණක් අනියුක්ත කිරීමට සිදුවූ බවත් රුවන් ගුණසේකර මහතා පැවසීය.