ටැබ් පරිගණක ලබා දීමට රාජ්‍ය මුදල් අවභාවිත කරලා – රැකියා ලාභී උපාධිධාරී සංගමය

ටැබ් පරිගණක ලබා දීමට රාජ්‍ය මුදල් අවභාවිත කරලා – රැකියා ලාභී උපාධිධාරී සංගමය

ටැබ් පරිගණක ලබා දීමට රාජ්‍ය මුදල් අවභාවිත කරලා – රැකියා ලාභී උපාධිධාරී සංගමය

කර්තෘ Staff writer

15 May, 2019 | 2:25 pm

COLOMBO (News 1st) – උසස් පෙළ සිසුන් සහ ගුරුවරුන් සඳහා ටැබ් පරිගණක ලබා දීම සම්බන්ධයෙන් ලැබුණු පැමිණිල්ලක් පිළිබඳ සාක්ෂි විභාගය අද ආරම්භ කරන බව පසුගිය වසර 04 තුළ රාජ්‍ය ආයතනවල වංචා හා දුෂණ විමර්ශනයට පත් කළ ජනාධිපති කොමිසම පවසයි.

එම කොමිසම සඳහන් කළේ, සාක්ෂි ලබා දීම සඳහා අද දිනයේ අධ්‍යාපන අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් මහේෂ් හේවාවිතාරණ මහතා කැඳවා ඇති බව ය.

නියමිත ප්‍රසම්පාදන ක්‍රියාවලියෙන් බැහැරව ටැබ් පරිගණක ලබා දීමට පියවර ගැනීමෙන් අධ්‍යාපන අමාත්‍යංශය රාජ්‍ය මුදල් අවභාවිත කර ඇති බවට රැකියා ලාභී උපාධිධාරී සංගමය මෙම පැමිණිල්ල ජනාධිපති කොමිසම හමුවේ ගොනු කළේ ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]