අමෙරිකානු භාණ්ඩවලට බඳු පැනවීම තවත් මසකින්

අමෙරිකානු භාණ්ඩ සඳහා බදු පැනවීමේ ඉන්දීය තීරණය මසකින් දිගු වෙයි

by Staff writer 15-05-2019 | 3:08 PM
COLOMBO (News 1st) : අමෙරිකානු භාණ්ඩ සඳහා බදු පැනවීම මාසයකින් දීර්ඝ කිරීමට ඉන්දීය රජය පියවර ගෙන තිබේ. ඒ , මෙවර මහ මැතිවරණයෙන් පසු ඉන්දියාවේ බලයට පත්වන නව රජයට , අමෙරිකාව සමඟ පවතින වෙළඳ අර්බුදය නිමාකර සබඳතා තරකර ගැනීමට අවස්ථාව ලබාදීමේ අරමුණිනි. ආමන්ඩ්, වොල්නට් ඇතුළු අමෙරිකාවෙන් ඉන්දියාවට ආනයනය කරන භාණ්ඩ 29 කට බදු පැනවීම පිළිබඳ ලබන ජුනි 16 වනදායින් පසු තීරණය කරන බව ඉන්දීය රජය සඳහන් කළේ ය. අමෙරිකාව ඉකුත් ජුනි මාසයේදී වානේ සහ ඇලුමිනියම් ආනයන සඳහා 10% ත් 25 %ත් අතර බදු පැනවීමෙන් පසු ඉන්දියාව සහ අමෙරිකාව වෙළඳ සාකච්ජා ආරම්භ කළේ ය. අමෙරිකාවේ බදුවලට ප්‍රතිචාර ලෙස එරටට එරෙහිව බදු පැනවීමට ඉන්දියාව සැලසුම් කළ නමුත් දෙපාර්ශවයේ සාකච්ජාවලින් යහපත් ප්‍රතිඵල අත්කරගැනීමේ අරමුණින් එම බදු මෙතෙක් ක්‍රියාත්මක කිරීමට ඉන්දියාව පියවර ගෙන නොමැත.