by Sagarika Chathumali 14-05-2019 | 11:18 AM
COLOMBO (News 1st) : දූෂණ විරෝධි බලකායේ මෙහෙයුම් අධ්‍යක්ෂ නාමල් කුමාර අත්අඩංගුවට ගෙන තිබේ.
පොලීසිය පැවසුවේ, ඊයේ සහ පෙරේදා ඇතිවූ සිදුවීම් සම්බන්ධයෙන් සැකපිට ඔහු අත්අඩංගුවට ගනු ලැබූ බවයි.
අද පෙරවරුවේ පැමිණිල්ලක් ගොනුකිරීම සඳහා වරකාපොළ පොලීසියට පැමිණි අවස්ථාවේ ඔහු අත්අඩංගුවට ගෙන තිබේ.
මේ අතර මහසොහොන් බලකායේ ප්‍රධානී අමිත් වීරසිංහ ද අද පෙරවරුවේ අත්අඩංගුවට ගත් බව පොලීසිය ප්‍රකාශ කළේ ය.