IMF විස්තීරණ ණය පහසුකමේ 5 වන වාරිකය මුදා හරී

IMF විස්තීරණ ණය පහසුකමේ 5 වන වාරිකය මුදා හරී

by Sagarika Chathumali 14-05-2019 | 11:58 AM
COLOMBO (News 1st) : IMF හෙවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ශ‍්‍රී ලංකාවට ලබා දෙන 05 වන ණය වාරිකය නිදහස් කිරීමට එම අරමුදලේ විධායක මණ්ඩලය අනුමැතිය ලබා දී තිබේ. ඒ අනුව ශ‍්‍රී ලංකාවට අමෙරිකානු ඩොලර් මිලියන 164ක ණය වාරික මුදලක් හිමිවනු ඇති. 2016 වසරේ ජූනි මාසයේදී වසර 03ක ව්‍යාපෘතියක් යටතේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් අමෙරිකානු ඩොලර් බිලියන 1.5ක මුදලක් ලබා දීමට එකඟතාව පළ කර තිබිණ. එම ව්‍යාපෘතියේ අවසන් වාරිකය ඉකුත් වසරේ නොවැම්බර් මාසයේදී ලබා දීමට නියමිතව තිබුණ ද, එවකට ශ්‍රී ලංකාවේ පැවැති දේශපාලන අර්බුදය හේතුවෙන් එය තාවකාලිකව අත්හිටුවී ය. මෙම ණය ව්‍යාපෘතිය තවත් වසරකින් දීර්ඝ කිරීමට ද ඊයේ රැස්වූ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය එකඟතාව පළ කර තිබේ.