ලංකා IOC ඔටෝ ඩීසල් මිල පහළට: පෙට්‍රල් ඉහළට

ලංකා IOC ඔටෝ ඩීසල් මිල පහළට: පෙට්‍රල් ඉහළට

by Staff writer 14-05-2019 | 8:15 AM
Colombo (News 1st) - ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලංකා අයි.ඕ.සී සමාගම ඔටෝ ඩීසල් ලීටරයක මිල රුපියල් 09 කින් පහළ දමා තිබේ. ඒ, අනුව ඔටෝ ඩීසල් ලීටරයක මිල සටහන් වන්නේ රුපියල් 104 ක් ලෙස ය. නමුත් අයි.ඕ.සී සමාගම පෙට්‍රල් මිල රුපියල් 5කින් ඉහළ දමා තිබේ. ඒ, අනුව ලංකා අයි.ඕ.සී සමාගමේ පෙට්‍රල් ලීටරයක නව මිල වන්නේ රුපියල් 140 කි.