.webp)

"මේ සැකකරුවන් ගරු අධිකරණයට ඉදිරිපත් කළේ හදිසි අවස්ථා රෙගුලාසි වල තිබෙන නීතිමය ප්‍රතිපාදන යටතේ වගේම සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබද ජ්‍යාත්‍යන්තර සම්මුතිය පනතේ තිබෙන නෛතික ප්‍රතිපාදන ප්‍රකාරවයි. ඇප ලබා ගැනිමට සිදුවන්නේ ගරු මහාධිකරණයකින් බව සදහන් කිරීමට අවශ්‍යයි. නඩු විභාගයකින් අනතුරුව වැරදිකරු උනොත් වසර 10ක් දක්වා සිර දඩුවම් ද ලැබෙන බව සදහන් කළ යුතුයි. මෙය කිසිසේත්ම ජාතීන් අතර හෝ ආගම් අතර තිබෙන ප්‍රශ්නයක් නෙවෙයි .එය මෙලෙස පටු ඉතා පටු අරමුණු කිහිපයක් වෙනුවෙන් ක්‍රියාකරන අවස්ථාවාදී පුද්ගලයින් කණ්ඩායමක් නිසා හටගත් තත්වයක් බව සදහන් කරන්න අවශ්‍යයි."අද පස්වරුවේ මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කල සැකකරුවන් 9 දෙනා 29 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත. 2007 අංක 56 දරණ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුති පනත සම්මත කරගැනුනේ ව්‍යවස්ථාවේ මූලික අයිතිවාසිකම් වලින් ආවරණය නොවන අයිතිවාසිකම් තවදුරටත් සහතික කිරීම සදහායි. පනතේ තුන එක වගන්තියේ සදහන් වන්නේ කිසිම තැනැත්තෙකු විසින් යුද්ධය පැතිරවීම හෝ වෙනස් ලෙස සැලකීමට, එදිරිවාදිකම්වලට හෝ ප්‍රචණ්ඩ ක්‍රියාවලට යොමු කිරීම සංයුක්තවන ජාතික, වාර්ගික හෝ ආගමික වෛරය සදහා පෙළඹවීම් නොක යුතු බවයි. එවැනි වරදක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගන්නා අයෙකු ඇප දිය නොහැකි වරදක් සිදුකල අයෙකු ලෙස සැලකෙන අතර මහාධිකරණයේදී වුවද ඇප ලබාගත හැක්කේ සුවිශේෂී අවස්ථානුගත කරුණු මත පමණයි. මහාධිකරණය හමුවේ දිනපතා මෙවැනි වරදක් සම්බන්ධයෙන් වන නඩුව විභාග කල යුතු අතර වසර 10 කට වැඩි නොවන කාලයකට බරපතල වැඩ සහිත සිරදඩුවම් නියම කල හැක.- පොලිස් අධිකාරී රුවන් ගුනසේකර - පොලිස් මාධ්‍ය ප්‍රකාශක
