අද රාත්‍රියේ සිට යළිත් පොලිස් ඇඳිරි නීතිය

අද රාත්‍රියේ සිට යළිත් පොලිස් ඇඳිරි නීතිය

by Staff writer 14-05-2019 | 5:22 PM
COLOMBO (News 1st) - අද රාත්‍රියේ සිට දිවයින පුරා පොලිස් ඇඳිරි නීතිය ක්‍රියාත්මක කර තිබේ. ඒ අනුව ගම්පහ පොලිස් බල ප්‍රදේශයට අද රාත්‍රී 7.00 සිට හෙට උදෑසන 6.00 දක්වාත්, වයඹ පළාතට අද පස්වරු 6.00 සිට හෙට උදෑසන 6.00 දක්වාත් පොලිස් ඇඳිරි නීතිය ක්‍රියාත්මක වේ. දිවයිනේ සෙසු ප්‍රදේශවලට අද රාත්‍රී 9.00 සිට හෙට උදෑසන 4.00 දක්වා පොලිස් ඇඳිරි නීතිය ක්‍රියාත්මක කර තිබේ.