අද දිනයේ මධ්‍යම පළාතේ සුරා සල් වසා තැබීමට නියෝග

අද දිනයේ මධ්‍යම පළාතේ සියලු සුරා සල් වසා තැබීමට නියෝග

by Staff writer 14-05-2019 | 3:58 PM
COLOMBO (News 1st) - මධ්‍යම පළාතේ සියලු ම සුරා සල් අද දිනයේ වසා දැමීමට සුරාබදු දෙපාර්තමේන්තුව නියෝග කර තිබේ. එම දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස් කපිල කුමාරසිංහ මහතා සඳහන් කළේ, මධ්‍යම පළාත් ආණ්ඩුකාර මෛත්‍රී ගුණරත්න මහතාගේ ඉල්ලීමක් මත සුරා සල් වසා දැමීමට නියෝග කළ බව ය. සුරා සල් වසා දැමීමට නියෝග කිරීමත් සමග අද උදෑසන සිට විවෘත කර තිබූ මත්පැන් අලෙවි සල් පස්වරුවේ වසා දැමීමට කටයුතු කළ බව අප වාර්තාකරුවෝ සඳහන් කළහ. මේ යටතේ මහනුවර, මාතලේ හා නුවරඑළිය දිස්ත්‍රික්කයේ සියලු සුරා සල් අද දිනයේ වසා දැමෙනු ඇති.