අගමැති කලහකාරී සිදුවීම් වාර්තාවූ ප්‍රදේශවල සංචාරයක

අගමැතිවරයා කලහකාරී සිදුවීම් වාර්තා වූ ප්‍රදේශවල සංචාරයක

by Staff writer 14-05-2019 | 9:54 PM
COLOMBO (News 1st) - කුලියාපිටිය හා අවට ප්‍රදේශවල ඇති වූ කලහකාරී තත්ත්වය පිළිබඳව සොයා බැලීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද එම ප්‍රදේශවල සංචාරයක නිරත විය. අද පෙරවරුවේ හෙටිටිපොළ නගරයට පැමිණි අග්‍රාමාත්‍යවරයා සිදුව ඇති හානි නිරීක්ෂණය කළේ ය. මේ අවස්ථාවට අමාත්‍යවරුන් වන අකිල විරාජ් කාරියවසම්, රවුෆ් හකීම්, රවි කරුණානායක යන මහත්වරු ද එක්ව සිටියහ. අනතුරුව අග්‍රාමාත්‍යවරයා ඇතුළු පිරිස කුලියාපිටිය කරන්තිප්පල ප්‍රදේශයට පැමිණ හානි වූ වෙළඳ සල් කිහිපයක් නිරීක්ෂණය කළහ. මේ අතර අද දහවල් කුලියාපිටිය කොට්ඨාස පොලිස් අධිකාරී කාර්යාලයේ අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක් ද පැවැත්විණි.