අමෙරිකානු නිෂ්පාදනය 5000කට චීනය බදු පනවයි

අමෙරිකානු නිෂ්පාදනය 5000කට චීනය බදු පනවයි

අමෙරිකානු නිෂ්පාදනය 5000කට චීනය බදු පනවයි

කර්තෘ Staff writer

14 May, 2019 | 9:12 am

COLOMBO (News 1st) : අමෙරිකාව චීනයට අපනයනය කරන ඩොලර් බිලියන 60 ක වටිනාකමින් යුත් භාණ්ඩ සඳහා බදු පනවන බව චීනය නිවේදනය කළේ ය.

ඒ , දෙරට අතර පවතින වෙළඳ යුද්ධය තවදුරටත් උත්සන්න කරමිනි.

චීනයෙන් අමෙරිකාවට අපනයනය කරන අමෙරිකානු ඩොලර් බිලියන 200 ක වටිනාකමින් යුත් භාණ්ඩ වෙත පැනවූ බද්ධ දෙගුණ කිරීමට අමෙරිකාව පියවර ගෙන දින තුනක් ගතවීමෙන් පසු චීනය මෙම නිවේදනය නිකුත් කළේ ය.

විදෙස් වාර්තා සඳහන් කළේ, දෙරට අතර පවතින වෙළඳ අර්බුදය හමුවේ ලොව කොටස් වෙළඳපොළ බිඳවැටීමට හේතුවී ඇති බවයි.

අමෙරිකානු භාණ්ඩ වෙත බදු පැනවීමෙන් වළකින ලෙස ජනපති ට්‍රම්ප් චීනයට අනතුරු ඇඟවූ නමුත් චීනය ප්‍රකාශ කළේ, සිය අරමුණුවලට හානි කරන අමෙරිකානු කොන්දේසිවලටතවදුරටත් යටත් නොවන බවයි .

චීනය පැනවූ නව වෙළඳ බදු අමෙරිකානු නිෂ්පාදනය 5000 කට වැඩි සංඛ්‍යාවකට බලපැවැත්වෙනු ඇති.

මෙලෙස චීනය බදු පැනවූ භාණ්ඩ අතරට හරක් මස් , බැටලු මස් , ඌරු මස් නිෂ්පාදන, පළතුරු යුෂ , එළවළු තෙල් , තේ , කෝපි සහ එළවළු ද අයත් වේ.

මේ අතර ලබන මස ජපානයේ ඕසකාහි පැවැත්වීමට නියමිත ජී 20 සමුළුවේදී රුසියානු සහ චීන ජනාධිපතිවරුන් හමුවන බව අමෙරිකානු ජනාධිපතිවරයා නිවේදනය කළේ ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]