by Nadeeshan Meedin 13-05-2019 | 5:01 PM
සෑම රටක්ම ත්‍රස්තවාදී නීති රීති යාවත්කාලීන කිරීමට කටයුතු කරන බැවින් ප්‍රතිත්‍රස්ත පනත මගින් එය සිදුකිරීමට අපේක්ෂා කරන බව රාජ්‍ය ව්‍යවසාය අමාත්‍ය ලක්ෂ්මන් කිරීඇල්ල පවසයි.
අද මාධ්‍ය හමුවක් කැඳවමින් අදහස් දැක්වූ අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ, ත්‍රස්තවාදයේ මුහුණුවර වෙනස් වී ඇති බැවින්, ගෝලීය ත්‍රස්තවාදය සෑම රටකටම ව්‍යාප්තවී ඇති බවයි.
මේ අතර, සමාජමාධ්‍ය තහනම සම්බන්ධයෙන් ඔහු ප්‍රකාශ කළේ තමන්ද විරුද්ධ බවයි.
මාධ්‍ය නිදහසට ගරු කරන පිරිසක් ලෙස සමාජ මාධ්‍ය වාරණය ගැන විරුද්ධ වන බවත්, එසේම ඉදිරි ආරක්ෂක කටයුතු සම්බන්ධයෙන් ක්‍රියාත්මක වීමට තමන් ඇතුළු රජය සූදානමින් සිටින බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
https://youtu.be/qz1iBOE5fW0