ඉන්ධන ප්‍රවාහන දුම්රියක් පීලිපනී

ශ්‍රාවස්තිපුරදී ඉන්ධන ප්‍රවාහන දුම්රියක් පීලි පනී

by Staff writer 13-05-2019 | 8:52 AM
COLOMBO (News 1st) : උතුරු දුම්රිය මාර්ගයේ ශ්‍රාවස්තිපුරදී ඉන්ධන ප්‍රවාහන දුම්රියක් අද අලුයම පීලි පැනීමට ලක්ව තිබේ. දුම්රිය පාලක මැදිරිය පැවසුවේ, කොලොන්නාවේ සිට අනුරාධපුරය දක්වා ඉන්ධන ප්‍රවාහනය කරන දුම්රියක් එලෙස පීලි පැනීමට ලක්ව ඇති බවයි. එම දුම්රිය පිලීගත කිරීමේ කටයුතු ආරම්භ කර ඇති අතර දුම්රිය ධාවනය සාමාන්‍ය පරිදි සිදුවන බව පාලක මැදිරිය සඳහන් කළේ ය.