වැල්ලවායෙන් ගිනිඅවි ඇතුළු උණ්ඩ තොගයක් සොයාගනී

වැල්ලවායේ වත්තකින් ගිනිඅවි ඇතුළු උණ්ඩ තොගයක් සොයාගනී

by Staff writer 13-05-2019 | 12:01 PM
COLOMBO (News 1st) : වැල්ලවාය, කුඩාඔය ප්‍රදේශයේ වත්තක වළ දමා තිබූ ගිනි අවි සහ උණ්ඩ තොගයක් සොයා ගෙන තිබේ. ඒ, පොලීසියට ලද තොරතුරකට අනුව යුද හමුදාවේ සහය ඇතිව කළ පරීක්ෂාවකදීයි. යුද හමුදාව සඳහන් කළේ, ඊයේ රාත්‍රී 11 ට පමණ එම ස්ථානය පරීක්ෂා කිරීම ආරම්භ කළ බවයි. එහිදී රිපිටර් ගිනි අවි 2ක්, ෂොට් ගන් 2ක්, මෙරට නිෂ්පාදිත පිස්තෝලයක් සොයා ගෙන තිබේ. මීට අමතරව ෂොට් ගන් උණ්ඩ 592 ක්, ටී 56 උණ්ඩ 342 ක්, එම් 16 ගිනි අවි සඳහා යොදන පතුරම් 75 ක්, මෙහිදී සොයා ගත් බව යුද හමුදාව සඳහන් කළේ ය. මොහොමඩ් අබ්දුල් නමැති පුද්ගලයෙකු විසින් බදු පදනම මත 2014 වසරේදී මෙම ඉඩම ලබාගෙන ඇති බව විමර්ශනවලදී හෙළිවී තිබේ. https://www.youtube.com/watch?v=hfWoVdY1enQ