වැඩ බලන පොලිස්පතිවරයෙකුට අනුමැතිය

වැඩ බලන පොලිස්පති ලෙස සී. ඩී. වික්‍රමරත්න පත් කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය

by Staff writer 13-05-2019 | 4:43 PM

COLOMBO (News 1st) - වැඩ බලන පොලිස්පති ධූරය සඳහා සී. ඩී. වික්‍රමරත්න මහතා පත් කිරීමට ජනාධිපතිතුමා යොමු කර තිබූ නිර්දේශයට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය හිමිව තිබේ.

කථානායක මාධ්‍ය අංශය නිවේදනය කළේ, අද පස්වරුවේ කථානායක කරූ ජයසුරිය මහතාගේ ප්‍රධානත්වයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව රැස් වූ බවයි.