වැඩ බලන ආරක්ෂක ඇමති ධූරය රුවන් විජයවර්ධනට

වැඩ බලන ආරක්ෂක ඇමති ලෙස රුවන් විජයවර්ධන පත් කෙරේ

by Staff writer 13-05-2019 | 4:07 PM

COLOMBO (News 1st) - වැඩ බලන ආරක්ෂක අමාත්‍යවරයා ලෙස ආරක්ෂක රාජ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා පත් කර තිබේ.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා යළි දිවයිනට පැමිණෙන තෙක් මෙම පත් කිරීම සිදු කර ඇති බවයි. ජනාධිපතිතුමා අද පෙරවරුවේ චීනය බලා පිටත්ව ගියේ ය. ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ, ආසියානු ජනාවාසකරණ සංවාද සමුළුවට සහභාගිවීම සඳහා ජනාධිපතිතුමා චීනය බලා පිටත්ව ගිය බවයි.