"මේ ශ්‍රී ලංකාව කියන්නේ එක ජාතියක්"

"මේ ශ්‍රී ලංකාව කියන්නේ එක ජාතියක්. අපි ඔක්කෝටම වගකීමක් තියෙනවා" - බ්‍රිගේඩියර් අසාද් ඉසඩීන්

by Staff writer 13-05-2019 | 5:24 PM
වසර 30 ක යුද්ධයකට දායකත්වය ලබා දුන්න ද අද වන විට එහි නියම යතාර්ථය පසක් කර දීමට අපොහොසත් වීම මත වර්තමානයේ පැවතින ගැටලුකාරී තත්වය නිර්මාණය වී ඇති බව යුද හමුදාවේ බ්‍රිගේඩියර්වරයෙකු ලෙස සේවයේ නියුතු අසාද් ඉසඩීන් මහතා පෙන්වා දෙයි. මේ ශ්‍රී ලංකාව කියන්නේ එක ජාතියක් ලෙස කල්පනා නොකර බෙදී වෙන්වී අනිකා කෙරෙහි තිබූ විශ්වාසය අහිමි වීම මේ තත්ත්වයට හේතුවී ඇති බව ද ඔහු ප්‍රකාශ කළේය.
"ශ්‍රී ලංකාව කියන්නෙ එක ජාතියක්. අපි හැමෝම සහෝදරයො සහෝදරියො වගේ එක සමාජයක ඉන්නෙ. අපි ඔක්කෝටම තියෙනව මේ රට ගැන. මේ වෙච්ච ම්ලේච්ඡ ක්‍රියාවලිය අපට බැරි වුණා නවත්තගන්න. ඒකතමා දුක.  මෙච්චර ප්‍රහාරයක් ඇති වෙලත් අපි එකතුවෙලා මේ ගැන කතා කරාද කියල මම දන්නෙ නෑ. මේක අප්‍රේල් 21 වෙනිද සිද්ධ මේක ගැන අපි කතා කරන්න ඕන. මේ ත්‍රස්තවාදීන් හත් දෙනෙක් අටදෙනෙක් බිහිවුණා තව අන්තවාදීන් ඉදිරියට නොඑන්න අපි වග බලා ගන්න ඕනෙ."

බ්‍රිගේඩියර්වරයා ඉස්ලාමීය ප්‍රජාව අමතා සිදුකළ කතාව පහතින් 

https://youtu.be/TtfEpa510MM