පොලිස් ඇඳිරි නීතිය අවසන්

පොලිස් බල ප්‍රදේශ කිහිපයකට පැනවූ පොලිස් ඇඳිරි නීතිය අවසන්

by Staff writer 13-05-2019 | 6:08 AM
COLOMBO (News 1st) : ඇති වු නොසන්සුන් තත්ත්වයක් පාලනය කිරීම සඳහා හලාවත නගර සීමාවට බලපැවැත්වෙන පරිදි  ඊයේ ඊයේ පැනවූ පොලිස් ඇඳිරි නීතිය අද අලුයම 4.00 ට අවසන් කෙරිණ. මේ අතර බිංගිරිය, දුම්මලසූරිය සහ කුලියාපිටිය පොලිස් බල ප්‍රදේශවලට ද  ඊයේ රාත්‍රී සිට අද උදෑසන 6 .00  දක්වා පොලිස් ඇඳිරි නීතිය ක්‍රියාත්මක විය. එම ප්‍රදේශවලට ඊයේ රාත්‍රී පොලිස් ඇඳිරි නීතිය පනවනු ලැබුවේ, හටගත් නොසන්සුන් තත්ත්වය පාලනය කිරීම සඳහායි. පොලිස් මූලස්ථානය නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ, නීති කඩ කරන්නන්ට දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවයි.