නැවත දැනුම් දෙන තුරු වයඹ පළාතට පොලිස් ඇඳිරි නීතිය

නැවත දැනුම් දෙන තුරු වයඹ පළාතට පොලිස් ඇඳිරි නීතිය පනවයි

by Staff writer 13-05-2019 | 5:30 PM

COLOMBO (News 1st) - වහාම ක්‍රියාත්මක වන පරිදි වයඹ පළාතට පොලිස් ඇඳිරි නීතිය පනවා තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ, මතුව ඇති තත්ත්වය සැලකිල්ලට ගෙන පැන වූ පොලිස් ඇඳිරි නීතිය නැවත දැනුම් දෙන තුරු ක්‍රියාත්මක බවයි.