කලහකාරී තත්ත්වය පාලනයට අවශ්‍ය වුවහොත් උපරිම බලය යොදවනවා - යුද හමුදාපති

by Staff writer 13-05-2019 | 8:45 PM

COLOMBO (News 1st) - යුද හමුදාපති ලුතිනන් ජෙනරල් මහේෂ් සේනානායක මහතා රටේ වත්මන් තත්ත්වය පිළිබඳව නිව්ස්ෆස්ට් සමග අදහස් පළ කළේ ය.

එහිදී යුද හමුදාපතිවරයා සඳහන් කළේ, කලහකාරී ලෙස හැසිරෙන පුද්ගලයින් මර්දනය කිරීම සඳහා අවශ්‍ය වුවහොත් උපරිම බලය යොදවන බව ය.