"ප්‍රහාරයක් එල්ලවීමේ අවදානමක් නැහැ" - හමුදාපතිවරු

"කටකතාවලට නොරැවටෙන්න"- ත්‍රිවිධ හමුදාපතිවරු ඉල්ලති

by Staff writer 13-05-2019 | 7:34 AM
COLOMBO (News 1st) : අද දිනයේ ත්‍රස්ත ප්‍රහාරයක් එල්ලවීමේ කිසිදු අවදානමක් නැතැයි ත්‍රිවිධ හමුදාපතිවරු පවසති. ත්‍රිවිධ හමුදාපතිවරු පෙන්වා දෙනේනේ, දිවයිනේ සියලු ස්ථානවල ආරක්ෂාව තරකර ඇති බවයි. කිසිදු බියකින් තොරව තම දරුවන් පාසල් වෙත යොමුකරන ලෙස ත්‍රිවිධ හමුදාව දෙමව්පියන්ට දැනුම් දෙයි. ගුවන් හමුදාපති එයාර් මාෂල් කපිල ජයම්පති මහතා පැවසුවේ, පැතිර කට කතාවල කිසිදු සත්‍යතාවක් නොමැති බවයි.
"ජනතාවට අනවශ්‍ය ලෙස භිෂණයක් බියක් ඇති කරගන්න අවශ්‍ය නැහැ. බය නැතුව පාසල්වලට දරුවන්ව යවන්න. අනවශ්‍යය බියක් දැකකා. පාසල්වලට දරුවන්ව එව්වේ නැහැ"
මේ අතර යුද හමුදාපති ලුතිනන් ජනරාල් මහේෂ් සේනානායක තහවුරු නොවූ තොරතුරු සම්බන්ඡයෙන් අනිසි බියක් ඇති කර නොගන්නා ලෙසයි.
"මහජනතාව අනවශ්‍ය බියකින් ඉන්නේ. බට පිරිස් යොදවලා තියෙනවා. බය වෙන්න එපා... තහවුරු නොවු තොරතුරු අනුව බිය නොවි තමන්ගේ වැඩ කරගෙනයන්න"
නාවික හමුදාපති වයිස් අද්මිරාල් පියල්ද සිල්වා මහතා ජනතාවට දැනුම් දෙන්නේ, ආරක්ෂක අංශ කෙරෙහි විශ්වාස තබා තම දෛනික කටයුතු සාමාන්‍ය පරිදි කරගෙන යන ලෙසයි.